බෝධිසත්වයෙකු මනු ලොව අවසන් භවය සදහා පහල වීමට ආසන්න වන විට ජම්භු ද්වීපයේ මද්‍ය කොටස (වර්තමාන උතරු ඉන්දියාව හා ඒ ආශ්‍රිත රටවල්) පුරා බුද්ධ කෝලහාලයක් පැතිරී යනවා. බුද්ධ කෝලාහාලයක් යනු බුදුකෙනෙකු පහල වන බවට ලොව පුරා පැතිරී යන ආරන්චිය යි.
මේ අනුව බුදුන් අනුව බිහිවන රහතන් වහන්සේලා පිලිබදවත්, නිවන පිලිබදවත් විවිද අදහස් පැතිරෙනවා. සියල්ලන්ම බුදු කෙනෙක් අපේක්ෂාවෙන් සිටිනවා.
ගෞතම බුදුරජාණන් වහන්සේ තුසිත දෙව් ලොව සන්තුසිත දිව්‍යරාජයා ලෙස සිට සිදුහත් බෝසත් කුමරු ලෙස මෙලොව ඉපදී සිටින අතර තුරත් මේ බුද්ධ කෝලහාලය පැතිරී ගියා .
මෙයින් ප්‍රයෝජන ගත්ත විවිධ පව්කාර පිරිස් තමන් බුදු වී යයි පවසමින් මිනිසුන්ව රවටමින් පුද සත්කාර ලබා ගත්තා. මේ අතරින් වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ සය දෙනෙකුව අපි ෂඩ් ශාස්තෘන් ලෙස හදුනා ගන්නවා.
පුර්ණ කාශ්යපමොහු දබදිව අනූ නවයක් සේවකයන් සිටි වෙළද පුත්‍රයෙකුගේ එක් සේවකයෙකුගේත් තවත් සේවිකාවකගේත් දරුවෙකු ලෙස උපත ලැබූවේය. අනු නවයක් සේවකයන් අතරට සියවෙනි සේවකයාත් ඉපදුනේ යයි සතුටු වූ වෙළද සිටු තුමා සේවකයන් සියය සම්පුර්ණ කෙරු මෙම සේවක දරුවාට “පුර්ණ” ලෙස නම තැබුවාය . ඊට අමතරව මොහුට "කාශ්‍යප" ලෙසද නම තැබූ නිසා “පුර්ණ කාශ්‍යප” යන නම් විය .
මොහු කුඩා කල සිටම සියවෙනි සේවකයා ලෙස උපත ලැබූ නිසා කිසිම වැඩක නියැලුනේ නැත.මොහු තරුණ වියට පැමිණි විට වෙළද සිටුවරයා මොහුව කැදවා තම නිවසේ වාහල්කඩ මුර කරන ලෙස රාජකාරියක් පැවරුවේය. දින කිපයක්ම එය කල පුර්ණ කාෂ්‍යප තමන්ට සිතූ සිතූ ලෙස ඇවිදිමින් කාලය ගත කිරිමට නොහැකී විම නිසා පිඩාවට පත් විය . ඔහු නිවසින් පැන ගියේය.
වනයක් තුලින් ගමන් කරන විට සොරු රැලක් මොහුගේ ඇදුම් ගලවාගෙන ඔහු සතු දේ පැහැර ගෙන මොහුව මැරිමට සුදානම් වන විට ශරීර ශක්තිය ඇති නිසාවෙන් සොරු රැළගෙන් බේරුනේය.
ඇදුම් නොමැතිවම දුවමින් අවසානයේ මොහු ගමක් තුලට ඇතුළු විය. ගමේ සිටි ජනතාව නිරුවත්ව සිටින මොහුගෙන් ඔබ කවුරුදැයි විමසන විට “ඇත්ත කිව්වොත් මට ආරක්ෂාවක් නොලැබේවි ” යයි සිතා.
සියලු ශාස්ත්‍ර උගත් නිසා මට ”පුර්ණ” යයි කියයි. බ්‍රාහ්මණ කුලයේ උපත ලැබූ නිසා “කාෂ්‍යප “ යයි කියයි යනුවෙන් ගම් වැසියන්ට ප්‍රකාශ කළේය . එවිට ගම් වැසියන් විවිධ වස්ත්‍ර ගෙනවිත් ඔහුට පුජා කල විට “ඇදුම් අැදීමෙන් මට කිසිදු විශේෂත්වයක් නොලැබේවි” යයි සිතා
“පින්වතුනි ඇදුම් අදින්නේ ලැජ්ජාව නැති කර ගැනීමටයි. ලැජ්ජාව පාප ධර්මයකි. රහතුන්ට ඇඳුම් ඇඳීම සුදුසු වන්නේ නැත. එම නිසා අප ඇඳුම් නොඅඳිති .” ලෙස ප්‍රකාශ කළේය .
මොහුගේ වෙනස් ස්වභාවය නිසා විවිධ ආහාර වර්ගද සැලකිලිද ලැබිණි. එම ලාබ සැලකිලි වලට කැමති වූ තවත් පංසීයක පිරිසක් ඇදුම් ගලවා දමා මොහුත් සමග එකතු විය. ඉන් පසුව පුර්ණ කාෂ්‍යප බුදු බව ලැබුවේ යයි හැම තැනම ප්‍රසිද්ධියට පත් විය.
මක්ඛලී ගෝසාලමක්කලී ද වෙළද සිටු වරයකුගේ දාසයකු ලෙසු උපත ලැබූ අයෙකි. ගවයන් සිටින ශාලාවක උපත ලැබූ නිසා “ගෝසාල” යන නමද මොහුට ලැබුණි.
මොහු දවසක් ගිතෙල් කලයක්ද රැගෙන තම ස්වාමියාගේ පිටුපසින් ගමන් කරන විට මඩ වලක් හමු විය.
“දරුවා තෙල් කලය බිම නොදමා ප්‍රවේශමෙන් එන්න” ලෙස සිටුවරයා කීවද අලස කම නිසා එය තැකීමකට නොගත් මක්කලී මඩෙහි ලිස්සා ගොස් කණුවක වැදී කලය බිද ගත්තේය. සිටුවරයා තමාට දඩුවම් දෙවි යයි බියෙන් මක්කලී නොනවත්වාම දිව ගියේය.
සිටුවරයාද ඔහු පසුපස ටික දුරක් දුව ගොස් නැවතුනේය. බොහෝ දුර දිව ගිය මක්කලී එක් ගමක් දැක මඩ සහිත කිළුටු ඇදුම් ඇදගෙන ගියහොත් කිසිවෙකුගෙන් සැලකිල්ලක් බලාපොරොතු විය නොහැකි බැවින්. ඇදුම් ගලවා දමා බුදු වුනේ යයි කියමින් නිරුවතින් සිට මිනිසුන්ගෙන් උපකාර ලබා ගත්තේය .මොහුටද පන්සියයක අනුගාමිකයන් පිරිසක් සිටියේය.
අජිත කේසකම්බිලඅජිත කුලවත් පව්ලක ඉපදුනු කුල දරුවෙකි. ඔහු බොහෝ දෙනාට ණය විය. ණය හිමි පිරිස ණය ඉල්ලමින් ඔහු පසු පස එලවන විට තම රට අතහැර “පසල්” දනව්වට පැන ගියේය. එහිදී තමන්ට ජිවත් වීමට කල හැකි කිසිවක් නැති නිසා තපස් රැකිමට සිතා ගත්තේය.
"කෙස් නම් හීන දෙයක් මයි .හීනයට අයත් දෙයක්මයි" සිතා හිස මුඩු කොට තම කෙස් වලින් කම්බිලියක් ඇදගෙන අතෙහි සහ කරෙහි වළලු දමා ගෙන අජිත කේසකම්බිල ලෙස රහත් වු අයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් විය.
“මස් මාංශ මැරූ අයටත් අනුභව කරන අයටත් පව් සිදුවන බවත්, ගසක් කැපිම මිනිසෙකු මැරිමක් හා සමාන වන බවත්, අත්තක් කැපිම අතක් කැපිමක් වගේ බවත්” කියමින් මිත්‍යාව පතුරුවා හැරියේය .
කකුද කච්චායනකකුද කච්චායන කුල පුත්‍රරයෙක් විය. ඔහු ඉපදීමට සිටින විට ඔහුගේ පියා මිය ගිය හෙයින් වැන්දඹු මවට ඉන්නට තැනක්වත් නොමැතිව බොහෝ දුක් වින්දාය. අවසානයේ ඔහු ඉපදුනේ කුබුක් ගසක් යටයි. ඔහු ඉපදුනු දිනම ඔහුගේ මව ඔහුව අතහැර ගියේය. බමුණෙක් මේ අලුත උපන් බිලිදාව දැක හදාවඩා ගත්තේය. ඔහු කුබුක් ගසක් යටදී හමු වූ නිසා “කකුද” නම් විය. මීට අමතරව “කච්චායන” නමද ඔහුට තැබුවේය. හදාගත් බමුණු තුමා මිය ගිය පසුව ජිවත් විමට ක්‍රමයක් නොමැති නිසා මොහුද තාපස වෙස් ගෙන ගම් බිම් වල සැරිසැරුවේය.
“ සිසිල් දිය නම් පණ ඇති දෙයක් මයි. ඒ වතුර පානය කිරීමෙන් ජල බිදු ගානටම පව් සිදුවේ.” යයි කියමින් සිසිල් ජලයෙන් ඇග නොසෝදයි. උණු ජලයෙන් හෝ උණු කැද පමණක් බොමින් ඒවායින් ඇග සෝදමින් මොහු මිත්‍යාව පැතිරුවේය .
යම් ලෙසකින් ජල පාරක් හරහා කකුල් වල ජලය ගෑවෙන ලෙස මොහුට ගමන් කිරිමට සිදු උනොත් “මගේ සීලය බිදුනේ යයි” හඩමින් එතනම වැලි ගොඩක් ගසා නැවතත් සීලය අදිෂ්ඨාන කරයි.
මොහුටද අනුගාමිකයන් පන්සියයක් සිටියේය .
සංජය බෙල්ලටිපුත්තමොහු නමින් සංජය විය. බෙලි ගෙඩියක් වැනි හිසක් තිබු නිසාවෙන් ඔහුට “බෙල්ලටි” ලෙසද නමක් සැදුනේය. මොහුද දාසයෙකුගේ පුතෙකි. ඔහුගේ ස්වාමියා ඔහුව දාස කමින් මුදවනු ලැබුවේය. ඉන් පසු සංජය නොයෙකුත් ශාස්ත්‍ර ඉගෙන ගත්තේය.
පසුව තාපස වෙස් ගෙන
“මවක් නැත,පියෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, කර්ම ඵල නොමැත”
“දෙපා සතුන් මිය යාමෙන් දෙපා සතෙකුම වී උපදී. සිව්පා සතුන් මිය යාමෙන් සිව්පා සහිතවම උපදී”
අදී වශයෙන් මිත්‍යාව පතුරන්නට විය.
නිගණ්ඨ නාථපුත්තමේ තැනැත්තාගේ පියා “නාථ” නම් වූ නිසා මොහු “නාථපුත්ත” නම් විය. මොහු කපටිකමින් යුතු ණුවනක් ඇති අයෙකි. ගණිතය, නිමිති අාදී විෂයන් ඉගෙන ගෙන පංසීයයක් අනුගාමිකයන් පිරිසක්ද සොයාගෙන
“මමද රහත් කෙනෙක් වෙමි” ලෙස පවසමින් මිනිසුන්ගේ පුද සත්කාර ලබා ගත්තේය.
“මගේ හිතේ කෙලෙස් ගැට නැත. මට නොදැනෙන ශාස්ත්‍ර ගැටයකුත් නැත. එම නිසා මම නිඝන්ට වෙමි ” යනුවෙන් පවසන නිසා මොහු
“නිඝන්ට නාථපුත්ත” ලෙස හැදින් විය.
යමෙකු මොහු ගැන සැක පහළවී පැමිණ ප්‍රශ්න ඇසුවහොත් එම ප්‍රශ්න විසදිමට නොහැකිව මොහුද එම තැනැත්තා සමග වාදයකට පැටලෙයි. අවසානයේදී ප්‍රශ්නය මග හැරවා යයි. මේ නිසා මොහු විචිත්‍ර කථිකයෙකු යයි ප්‍රසිද්ධ විය.
මෙම මිත්‍යා පිරිසගෙන් යුතු වූ සමාජයක ශ්‍රී සද්ධර්මය සරණ යාමට හැකි වුයේ ඉතා පින්වත් පිරිසකට බව පැහැදිලි.
නමුත් වර්තමානයේ අප ඉපදී සිටින්නේ ඉතා පැහැදිලි බෞදධ සමාජයකයි. බෞද්ධ රටවල් අතරිනුත් මිත්‍යාවන්ට ගොදුරු නොවූ ශ්‍රී සද්ධර්මය තිබෙන එකම රට මෙයයි.
බුදු රදුන් වැඩසිටි කල විශාල පිරිසක්ද උපතින්ම බෞද්ධයන් නොවේ. උපතින්ම බෞද්ධයකු වීම විශාල පුණ්‍ය බලයක මහිමයෙන් ලැබූ භාගයක්.
නිරොගී ශරීරයක් ඇතුව ඉපදී, ශ්‍රී සද්ධර්මය දේශනා කරන ධර්මය අවබෝධ කල හැකි පරිසරයක සිටිමින් , ධර්මයේ පිළිසරණක් ලබා නොගෙන සිටිම ප්‍රඤ්ඤාව නොමැති කම නිසා සිදුවන දෙයක්.
මේ ක්ෂණයක් පාසා අපට අහිමි වෙමින් යන ක්ෂණ සම්පත්තිය හදුනාගෙන ධර්මය තුල අප්‍රමාදී වෙමු.
ෂඩ් ශාස්තෘන් පිළිබද තොරතුරු පුජාවලිය ඇසුරෙන් කල මහමේග 2012 සැප්තැම්බර් මස කලාපය ඇසුරෙනි.